දවසක් මගෙන් යාලුවෙන් මෙහෙම ප්රශ්නයක් ඇහුවා..
යාළුවා : ඔයා මේ ලොකේ වැඩිපුරම භය කාට ද?
මම : (කල්පනා කරමින්)
යාළුවා : ආ....මම දන්නවා (ඔහු සිනාසෙමින් )
මම : ආ...කියන්න බලන්න එහෙනම්..
යාළුවා : ඔයා භය කැරපොට්ත්ත්ට නේද? (සිනාසෙමින්)
මම : ( ඒ වේලාවේ පොඩි සිනාවක් පාමින්) එයා සතෙක්නෙහ් අනේ..එයාටත් වඩා මම භය කෙනෙක් ඉන්නවා. ඔච්චර මං ගැන දන්න එකේ..කියන්න්කෝ බලන්න.
යාළුවා : ඒ කවුද ඒ?
මම : මම මේ ලොකේ ගොඩක් භය........මිනිහා කියන කෙනාට.
යාළුවා : හ්ම්ම්ම්...මනුස්සයට භයයි කියල ද ඔයා කියන්නේ?
මම : ම්ම්ම්ම්ම්ම්...ඔව්ව්..මිනිහා කියන කෙනා අපි පිටින් දකින කෙනාම නෙමෙයිනෙහ්..කාලයක් ගියත් අපිට අඳුරගන්න බෑ. එක එක වේෂ තියෙනවා මනුස්සයට. ඒත් කැරපොත්තා වගේම අනෙක් සත්තු ගැන අපි හොදට දන්නවා..ඌ හපා කන්නේ මොන වේලාවට ද, ඌගේ විෂ අපි දන්නවනේ. ඒත් මිනිහා කියන කෙනා මොන වෙලාවට හපා කයිද, මිනිහගේ විෂ කාලයක් ගියත් අපිට තේරුම් ගන්න බෑ..
අන්න ඒ නිසා තමයි මම මනුස්සයට භය.
මුතු🥀

Oyath manussayek thami
ReplyDelete