ඔබගේ පවුලේ සාමයත් මාධ්‍ය විසින් බිලි ගෙන ද?
වර්තමානයේ කාගෙත් ඇස යොමුවන්නේ පවුල් සාමයේ දෙසටයි. වත්මන් කාල පරාසයේ බහුතරයක් පිරිස කොටු වී සිටින මාධ්‍ය අද පවුල නමැති සුන්දර සංකල්පයට කොඩිවින සිදු කර ඇත. පවුලේ සාමයට බලපෑම් කරන මේ මාධ්‍ය ගැන සරල අදහස් දැක්වූහොත් මාධ්‍ය යටතේ අපට ප්‍රධාන කොටස් දෙකක් පෙන්වා දිය හැකිය. එනම් මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යය වේ. ඊට අමතරව නව මාධ්‍යයේ මඟින් බිහිවන සමාජ මාධ්‍ය ද මේ ගණයට ගත හැකිය. පුවත්පත්, සඟරා, රූපවාහිනිය, ගුවන්විදුලිය, දුරකථන යන මාධ්‍ය අතුරින් රූපවාහිනී මාධ්‍ය ප්‍රබල සමාජානුයෝජනයක් තවත් ආකාරයකින් කිවහොත් තොරතුරු වාහකයක් වේ. ඒ වගේම තාක්ෂණයේ දියුණුවත් සමග Facebook, instragram, Whatsapp, Viber, Youtube යන සමාජ මාධ්‍ය ද වර්තමානයේ ක්ෂණික තොරතුරු හුවමාරු වාහකයකි. එසේ නම් අප මීළඟට පවුලේ සාමයට මාධ්‍ය බලපෑම් කරන ආකාරය ගැන සාකච්ඡා කර බලමු.
ගෘහස්ථ සාමය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ගෘහස්ථ සාමාජිකයන් එකිනෙකා හා ගෘහයට සම්බන්ධ අභ්‍යන්තර හා බාහිර සියලු පාර්ශවයන් කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම ගෘහස්ථ සාමය ලෙස සරලව දැක්විය හැකිය. ගෘහයක් යනු යම් පිරිසක් ජීවත්වන භෞතිකමය ගොඩනැගිල්ලක් නොව එහි ජීවත් වෙන ආසන්න ඥාතීන් අතර පවත්නා සම්බන්ධතාවය වන බැවින් ගෘහයේ පැවැත්මට සාමය හා සහජීවනය අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සාමය හා සහජීවනය දේශීය සංස්කෘතිය විසින් ද අගය කරන වැදගත් සංසිද්ධියක් වේ.
ගෘහස්ථ සාමය පවත්වාගෙන යන උපකරණය වන්නේ සන්නිවේදනයයි. එම නිසා ගෘහයේ සාමාජිකයන්ට ප්‍රමාණවත් සන්නිවේදන නිපුණතා පැවතිය යුතුය. මේ නිපුණතා අතරින් ජනමාධ්‍ය භාවිතය ද ඇතුළත් වේ. ජනමාධ්‍ය භාවිතය ගෘහස්ථ සාමය පවත්වාගෙන යාමට නිපුණතාවයක් වූවද වර්තමානයේ දී මාධ්‍ය භාවිතය පවුලේ සාමය විනාශ කර දමන ප්‍රධාන කාරකයක් වී ඇත. වත්මන් පවුල් පරිසරය තුළ දරුවන් පමණක් නොව මව පියා ද මාධ්‍ය වෙත අධික ලෙස නැඹුරු වී ඇත. පවුලේ සැවොම එකට අසුන්ගෙන රාත්‍රී කාලයේදී රූපවාහිනී නරඹයි. තවත් සමහර ජංගම දුරකථන වලින් සමාජ මාධ්‍යවල සැරිසරති. තවත් පිරිසක් ජංගම දුරකථන මගින් හෝ පරිගණක මගින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙති. මෙවැනි ක්‍රියාවන් නිසා පවුලේ සාමාජිකයන් අතර පණිවිඩ හුවමාරුවක්, එදිනෙදා වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමක්, සතුටු සාමිචියේ යෙදිමේ අවස්ථාවක් නොමැති මට්ටමකට පැමිණී ඇත. ඒ වගේම තම තමන් තමන්ට පැවරී ඇති වගකීම් පැහැර හැරීමට ද පෙළඹී ඇත. සාර්ථක සන්නිවේදන ක්‍රමයක් නොමැති වීම, අනෙක් අතර අදහස් හුවමාරු නොමැති වීම, පවුලේ සාමාජිකයන් අතර විශ්වාසී බිඳීයාම, අනෙකාව අවබෝධ කරගැනීමට කාලයක් නොමැති වීම, අන් අයගේ මතවලට ගරු නොකිරීම, සභානුභූතියෙන් තොරවීම යන ආදී ගැටලුවලට වර්තමාන සමාජයේ බොහෝ පවුල් පරිසරයන් වල තත්ත්වය මෙය විය හැකිය. විශේෂයෙන් දෙමාපියන් හා දූ දරුවන් අතර සම්බන්ධතාවය දුරස් වීම නිසා දරුවන් යහපත් චර්යාවන් වලට, විවිධ ඇබ්බැහිවීම් වලට ගොදුරු වන්නට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතාමත් වැඩිය.
එසේ නම් මේ සඳහා අප කළ යුත්තේ කුමක්ද? ගෘහයක් තුල සාමය පවත්වාගෙන යාම එම පවුලේ සාමාජිකයන් සියල්ලන්ගේම වගකීමකි. ඒ වගේම අනෙකාගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙනවාට වඩා ප්‍රථමයෙන් තමන්ගේ අඩුපාඩු නිවැරදි කර ගැනීම ඉතාමත් වැදගත් වේ. පවුල නමැති සංකල්පය මානවයාගේ අතීතයේ ඉතිහාසයේ සිට පැවතගෙන එකක් වන අතර අපගේ සංස්කෘතික උරුමයක් වන බැවින් එය රැකගැනීම පවුලේ සෑම දෙනාගේ වගකීමකි. ඒ අතර පවුලේ වැඩිහිටි පාර්ශ්වයටද දරුවන්ගේ මාධ්‍ය භාවිතය අවම කර පවුලේ සාකච්ඡාවන් වලට නැඹුරු කර ගැනීම ඉතා වැදගත් වේ. අවම වශයෙන් රාත්‍රී ආහාරය සියල්ලන් එක්ව ගැනීමේදී ඇතිවන ප්‍රියසම්භාෂණ මඟින් පවුලේ සාමය කළමනාකරණය කර ගැනීමට ප්‍රවේශයක් ලබා ගනී. එවගේම එකිනෙකාගේ වැඩකටයුතු අගය කිරීම, නිවසේ බාහිර කටයුතුවලට සම්බන්ධ කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මාධ්‍යයට වඩා තම පවුල වටිනා සංකේතයක් බව තම දරුවන්ට පෙන්වා දෙන්න.
සමාජයේ කුඩාම ඒකකය වන පවුල මාධ්‍ය නිසා තවදුරටත් විනාශ කර දැමීමට ඔබ කැමති ද? එසේ නොවන්නට නම් ඉහත සඳහන් කරුණු තම සිහියේ තබාගත යුතුය.
Good❤😍😍
ReplyDeleteකාලෝචිතයි❤ නියමයි👍
ReplyDeleteGood job 👍
ReplyDeleteSuperb👌🙌
ReplyDeleteවටිනවා
ReplyDeleteNiyamayi
ReplyDeleteවටිනවා ගොඩක්
ReplyDeleteකාලීන මාතෘකාවක්..
ReplyDelete👍👍
ReplyDeleteඇත්තටම අද වර්තමානයේ සැලකිල්ලකට ලක් නොකරන එහෙත් සැලකිමත් විය යුතු ගැටලුවල් මේක,ගොඩක් වටිනවා මෙවැනි අදහස් ගොනුකිරීම ගැන.
ReplyDeleteවටිනා ලිපියක් 👍
ReplyDelete💖💖
ReplyDeleteBest...
ReplyDeleteGood article
ReplyDeleteඅසීමාන්තිකව...හැමදේම අල්ලාගෙන ඉන්න එකයි හේතුව..දවසට වෙලාව වෙන්කරගන්නවනන් හැමදේම පිලිවෙලකට වේවි
ReplyDeleteHithata wadina wadan pelak
ReplyDeleteBest one😍🎉️
ReplyDeletegood
ReplyDelete