PonMagal Vandhal (2020)
ළමයි මල් වගේ යන වදන අප කවුරුත් අසා ඇති වදනකි. ඒ මල් මල් විදිහට වැඩෙන්නට නොදී පිපෙන කාලයේ දී ඒ මල් පර කරන කාමාතුරයෝ අද ද ඊයේ ද හෙට ද සිටි. "ළමා අපචාර" අප කාගෙත් කනට හුරු වචනයකි. මෙය අදට පමණක් වලංගු වචනයක් නොව අතීතයේ සිට ම අද දක්වා පවතින වචනයකි. අහිංසක මල් කැකුළු විනාශ කර දමන බිල්ලන් මේ මුළුමහත් සමාජයේ සිටිති. මේ ළමා අපචාර හා අපයෝජන යන තේමාව යටතේ වර්තමාන සිනමා ලෝකය චිත්‍රපට රාශියක් නිර්මාණය කෙරී ඇත. ළමා අපචාර අතින් ලෝකයේ හත්වැනි ස්ථානයේ සිටින අසල්වාසී ඉන්දියාව තුළ ළමා අපචාර ඉහළ යන රටකි. ඒ ඇසුරින් ඉන්දියාවේ Ponmagal Vandhal චිත්‍රපටිය 2020 නිර්මාණය වූවකි.
Ponmagal Vandhal නැතහොත් මෙහි අරුත දේවතාවිය පැමිණියා යන්න අදහසක් ගෙන දේ. සූර්යාගේ නිෂ්පාදනයෙන් ද ජේ.ජේ. ෆෙඩ්රික්ගේ අධ්‍යක්ෂණයෙන්ද රාම්ජිගේ කැමරාකරණයෙන්ද ගෝවින්ද වසන්තගේ සංගීතය ඇසුරින් ළමා අපචාරයට සම්බන්ධව ගොඩනැගුණු සිනමා කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙහි ප්‍රධාන චරිතය ජොතිකා වන අතර ඇය වෙන්බාගේ චරිතයට පණ පොවයි. මෙකී චරිතයට අමතරව වරදරාජාන්, ඒන්ජල්, පෘථිවිරාජ් යන චරිතයන් ගේ භූමිකාව ද දැකගත හැකිය.
චිත්‍රපටි ආරම්භයේදී 2004දී ජොති නමැති කාන්තාවක් ඌටි ප්‍රදේශයේ ළමයින් හතර දෙනකු සහාසික ලෙස මරණ දරා දමන ලද සිද්ධියක් කතාවක් ආරම්භයේ දී ගෙන හැර දක්වයි. චිත්‍රපටියේ ආරම්භයේ සිටම කුතුහලය දනවන පරිදි නිර්මාණය කොට ඇත. ඇත්තටම කවුද මේ ජෝති? ඇයි ඇය ළමයින් මැරුවේ? යන ප්රශ්නය මේ කියවන ඔබ තුලද මතුවිය හැකිය. මේ ජෝති නැමති කාන්තාව සමාජය නම් කරන ලද්දේ "සයිකෝ ජෝති" ලෙසය. පසුව ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ දී ඇය පළා යාමට උත්සාහ කිරීම නිසා ඇය වෙඩි තබා ඝාතනය කර ඇත සිද්ධිය ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය විය. තවමත් මෙම කතාව කුතුහලයෙන් යුතු කතාවකි. මෙහි ප්‍රධාන චරිතය පණ පොවන ජෝතිකාගේ නැතහොත් වෙන්බාගේ චරිතය පැමිණෙන්නේ 2004 සිදුවීමෙන් වසර ගණනකට පසුවය. වෙන්බා නීතිඥවරියකි. ඇය කාලයක් තිස්සේ කුමක් හෝ දෙයක් පෘථිවිරාජ් යන තම පියා සමග සොයන බවක් පෙන්වයි. ඇත්තේම කුමක්ද මෙහි සිදුවන්නේ? වෙන්බා හා පෘථිවිරාජ් කාලයක් තිස්සේ සාක්ෂි රැස් කරන්නේ කුමට ද?
2004 සිදිධිය එනම් සයිකේ ජෝති විසින් සහසික ලෙස ළමුන් මරා දැමීමට අදාළ නඩුව වෙන්බා අවුරුදු ගණනාවක් ගතවුනත් නැවත එම නඩුව උසාවිය ඉදිරියේ කතා කිරීමට පටන් ගනී. ඇය එම නඩුව මගින් කතා කරන්නේ සයිකෝ ජෝති මිනීමැරුම් කාරියක් නොවන බවත් ඇය අහිංසක දුප්පත් කාන්තාවක් බව යන්න ඔප්පු කිරීමයි. එසේ නම් කවුද ළමයින් අතර දෙනා මැරුවේ යන ප්රශ්නය ඔබ තුළ ද ඇතිවේ. ඊට අමතරව මේ චිත්‍රපටියේ තවත් චරිතයක් රඟ දක්වන වරදරාජනගේ චරිතය ගතහොත් ඔහු සමාජයේ හොඳ නමක් දිනා ගත් ගෞරවනීය ලෙස ජීවත්වන කීර්තිමත් පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාර කරන්නෙකි. කෙසේ වුවද වෙන්බා මේ වරදරාජයන්ගේ නම නඩුව තුළ කිහිප තැනකම කතා කරයි. නමුත් මෙහි කුමක් හෝ සැඟවුණු දෙයක් පවතින බව, කුතුහලය මෙය නරඹන ප්‍රේක්ෂකයා තුළ ඇති කිරීමට තිරපිටපත් රචකයා දක්ෂ වී ඇත. කෙසේ හෝ මේ නඩු විභාගය කතා කරන අතරතුර මේ ළමුන් හතර දෙනා මියගොස් ඇත්තේ සහසික මරණයකට ලක් නොවන බවත් එය දූෂණයකින් මිය ගිය බව හෙළි වේ. නමුත් එදා 2004 දී වෛද්‍ය වාර්තාව අසත්‍ය දෙයක් ප්‍රකාශ කර ඇත. පොලිස් වාර්තා අසත්‍ය ප්රකාශනයක් විය. නමුත් ඔබත් මමත් දන්නා දෙයක් වන්නේ මිනීමැරුම් නඩුවක දී පොලිස් වාර්තාව හා වෛද්‍ය වාර්තාව ඒ නඩුවට ඉතාමත් වැදගත් දෙයක් බවයි. නමුත් බල දේශපාලනය නිසා මුදලට, බලයට පොලීසියද, වෛද්‍යවරුන් යටත් වන බවක් මෙම කතාවේ හොඳින් ඉස්මතු කර පෙන්වයි. එසේ නම් කවුද මේ මිනී මරුවා? කෙසේ හෝ වෙන්බා විසින් සයිකෝ ජෝති නිවැරදිකාරියක් බව ඔප්පු කරන අතර මෙම නඩුවට කොනකින් නම ගැවුනු වරදරාජයන්ගේ යම් සම්බන්ධයක් ඇති බව ඔප්පු කරයි. නීතීඥවරු පවා වරදවරදරාජාන්ගේ සල්ලි වලට කෙල හෙලයි. නීතීඥවරුන් සිටිය යුත්තේ යුක්තිය ලබා දීමටය. නමුත් මේ කතාවේ වරදරාජන්ගේ පාර්ශවයේ නීතිඥවරුන් ඔහුගේ මුදලට යටත් වූ පිරිසක් පමණි.
එසේ නම් මේ අහිංසක මල් කැකුළු පර කරන්නට ඇත්තේ වරදරාජා ද නැත්නම් වෙනත් කෙනෙකු ද මෙයට එයට පිළිතුර. එය සම්පූර්ණ වරද හිමි වන්නේ වරදරාජනගේ පුතාටය. වරදරාජාන් තම පුතාගේ වරද වසා ගැනීමට එදා පොලිසිය, වෛද්‍යවරු, උසාවිය මුදලට යටත් කොටගෙන ඇත. ජීවිතේ හරියට පාට වත් නොදැකපු ඒ පුංචි මල් කැකුළු ටික කෙතරම් වේදනාවක් විඳින්නට ඇත්ද? ඒ විතරක් නොවේ ඒ දෙමව්පියන් මැරි මැරී ජීවත් වනවා ඇති අදටත්.
මෙය කියවන ඔබ තුළ යම්කිසි කුතුහලයක් ගොඩනැගේ. එනම් කොහොමද වෙන්බා සයිකෝ ජෝති නිවැරදිකාරියක් බව දැනගන්නේ යන්නයි. එම කතාව නරඹන මමද අවසානය දක්වා කුතුහලයෙන් පසු විය. ඇත්තෙන්ම වෙන්බා මේ සිද්ධිය ගැන නිශ්චිතවම දන්නෙ ඇයද වරදරාජයන්ගේ පුතාගේ අතින් පරව ගිය මලක් නිසාය. ඇය නමින් ඒන්ජල් ය. සයිකෝ ජෝතිගේ දියණියද එදා 2004 සිද්ධියේදී ගොදුරුවිය. තම දියණිය බේරා ගන්නට ගිය මොහොතේ දී ඇයගේ දියණිය වරදරාජන්ගේ පුතාගේ අතින් මිය ගොස් ය. ඒන්ජල් යනු එතැන සිටි තවත් දියණියක් පමණි. සයිකෝ ජෝති විසින් ඒන්ජල්ව බේරා ගන්නා අතර සයිකෝ ජෝති වරදරාජානගේ ගොදුරට ලක්විය.
මෙයයි ඔබ කුතුහලයෙන් කියූ කතාව. ඇත්තෙන්ම මේ කතාව ඇසුරින් සල්ලි වලට ද නීතිය නංවා ගත හැකි බව පෙන්වයි. ඒ වගේම මේ වගේ සිද්ධීන් තවත් කොයිතරම් ලෝකයේ අසන්නට දකින්නට ඇත් ද? ළමා අපචාර සමකාලීන සමාජ ප්රශ්නයකි. අහිංසක මල් පර කරන්නන්ට නිදහසෙ නිදැල්ලේ ජීවත් වීමට ඉඩ නොදිය යුතුය. ඔවුන් නීතියේ රැහැනට කොටු කර ගත යුතුය. කොතරම් නීති පද්ධතියක් තිබුණ ද දුෂකයන්ට නිසි දඩුවමක් ලැබෙන්නේ නැත්නම් තවත් කතා කරන්නට දෙයක් නැත.තවත් දෙයක් පැවසිය යුතුය. එනම් මෙවැනි ළමා අපචාර රට කොයිතරම් නමුත් පොලිස් පැමිණිලි පොතේ මෙවැනි සිද්ධීන් ස්වල්ප වශයෙන් ලියවිලා ඇත්තේ. එයට හේතුව වන්නේ සමහර දෙමාපියන් තුළ තිබෙන ලැජ්ජාව, නම්බුවට හානියක් තියෙන බය, දේශපාලන බලයන්ට ඇති බිය යන කරුණු ය. නමුත් එසේ තම දරුවාගේ ජීවිතය නැතිකර දූෂකයන්ට නිදැල්ලේ ජීවත් වීමට ඉඩ දෙනවාද නැද්ද යන්න එය ඔබ තීරණය කළ යුතු දෙයක් ය.
ඉතින් මේ ආකාරයට ළමා අපචාර හා සම්බන්ධව ගොඩනැගුණු Ponmagal Vandhal චිත්‍රපටිය ඉතා සාර්ථක ලෙසින් නිර්මාණය කොට ඇත. වර්තමාන සමාජ කතිකාවක් තේමා කොට ගෙන මෙහි විශේෂත්වය විය. ඒ වගේම චිත්‍රපටිය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක ආදායමක් ලබා ඇති චිත්‍රපටියක් බවට පත්වේ. ඒ වගේම මෙහි චරිතය වලට පණ පොවන ජෝතිකා, පාක්යරාජ්, පාණ්ඩ් රාජ් යන රංගන ශිල්පීන් තමන්ට පැවරී ඇති භූමිකාව මෙය නරඹන ප්‍රේක්ෂකයා තුල කුතුහලය ඇති වන පරිදි රංගනයෙන් දායක වී ඇත.
චිත්‍රපටය අවසානයේ දී මෙසේ දක්වයි. 2018 ජාතික අපරාධ වාර්තාවලට අනුව ළමා ලිංගික අපයෝජනය ඉඳන් ආරක්ෂණ පනත යටතේ තියන පැමිණිලිවලින් ඉන්දියාවේ 16 6000 වඩා නඩු ප්‍රමාණයක් තවමත් කතා කරන්නටවත් අරගෙන නැත යන්න සඳහන් කර ඇත. 😐
Nice job muthu 😍♥️
ReplyDeleteGreat 👍
ReplyDeleteGood ❤
ReplyDeleteGood article 👍
ReplyDeleteසමාජෙට ගොඩක් වැදගත් පණිවිඩයක් දෙන චිත්‍රපටයක් . විවරණයක් කිරීම ප්‍රශංසනීයයි .👍👍👍
ReplyDeleteInteresting Film & Good Article.. Keep it up
ReplyDeleteimportant & interesting...
ReplyDeleteවැදගත් ❤️
ReplyDelete