ජන මතය හා වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරිත්වය

ජන මතය යන්න අද ඊයෙ ලෝකයට පහළ වූවක් නො ව, අතීතයේ සිට ම පැවැත්වුණු දෙයකි. ජනමත සන්නිවේදන කාර්යයකි. දේශපාලන විද්‍යාත්මකව ද එය විග්රහ කළ හැක්කකි. එබැවින් ජන මතය යන්න සරලව දැක්විය හැකි ය. එනම් යම්කිසි කරුණක්, සිද්ධියක්, සිදු වීමක් පිළිබඳ බහුතර පිරිසක් දරන්නා වූ මතය ජන මතය වේ. එය අුශ්යමාන බලවේගයකි. ජනමතය මානව සමාජය තුළ සමාජ, ආර්ථික, ආගමික, පාරිසරික, සෞඛ්‍යය හා අධ්‍යාපනික ආදී සෑම ක්ෂේත්රයක් කෙරෙහි ම ඍජුවම බලපෑම් කරයි.
ජනමතය රටක් තුළ හඳුනා ගැනීමට නම් එම රට තුළ ක්‍රියාත්මක වන සන්නිවේදන සංකල්පය දැනගත යුතුය. එනම් මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය අනුව ජන මතය කෙබඳු ස්වරූපයකින් ක්‍රියාත්මක වන්නේද යන්න හඳුනා ගත හැකිය. අධිපතිවාදී, නිදහස් මතවාදී, සමාජ කොමියුනිස්ට්වාදී ආී විවිධ සංකල්ප ක්‍රියාත්මක වන රටවල මාධ්‍ය ක්‍රියාකාරිත්වය එම සංකල්ප වලට අනුව ජනමතය ගොඩනැගීමට ක්‍රියාත්මක වේ. එවිට රට තුළ ඇතිවන මහජන මතය කෙබඳු ස්වරූපයක් ගන්නේ දැයි දැන ගැනීමට හැකියාවක් පවතී. නිදසුනක් ලෙස අධිපතිවාී සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක වන රටක මාධ්‍ය හිමිකාරිත්වය රජයේ යටතේ පවතින අතර රජයට අවශ්‍ය ලෙස මාධ්‍ය මෙහෙයවයි. රජයට පක්ෂපාතී ලෙස ද රජය විවේචනය නොකරන ආකාරයේ ජන මතයක් නිර්මාණය කිරීමක් සිදු වේ. කොමියුනිස්ට්වාදී සංකල්පය ක්‍රියාත්මක වන රටක නම් ජනමතයේ ක්‍රියාකාරීත්වය රජයේ තොරතුරු ජනතා ගත කිරීමට පමණක් වෙන නිසා ජන මාධ්‍ය මගින් හෙළි කරන ජනමතයට රජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ඒ වගේම නිදහස් මතවාදී සංකල්පය ක්‍රියාත්මක වන රටක ජනතා අදහස් ජනමතය ලෙස ඉස්මතු විය යුතු ආකාරයේ ක්‍රියාත්මක වුවත් ප්‍රායෝගිකව කිසිදු රටක් හඳුනාගත හඳුනා ගත නොහැකි ය.
මේ ආකාරයට වර්තමානයේ දී මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළින් දැකගත හැකි වන්නේ සැබෑ ජනමතය යටපත් කිරීමකි. මාධ්‍ය මගින් අලුත් මගින් අලුත් ජනමතයක් නිර්මාණය කරයි. ජන මතය ජනතා කේන්ද්‍රීය බව නොව මාධ්‍ය කේන්ද්‍රීය ගොඩ නැගෙන බව වර්තමාන සමාජය තුළ දැකගත හැකිය. නිදසුනක් ලෙස "the peoples channel - සිරස " , " ඔබේ පවුලේ නාලිකාව - ITN " ආදී වශයෙන් දැක්විය හැකි ය.
ජනමතයක් ගොඩ නැගීමේ දී වර්තමාන මාධ්‍ය තුළ රූපවාහිනිය ප්‍රබල දායකත්වයක් සපයයි.එනම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වන රූපවාහිනිය මගින් ග්රාහකයාට විශාල බලපෑමක් ඇති කළ හැකි ය. යම් සිද්ධියක් සම්බන්ධයෙන් ජන මතයක් ගොඩ නැගීමට නම් එය ශ්‍රවණයට පමණක් නොව දෘශ්‍ය ලෙස නැරඹීමට හැකියාව පවතින නිසා රූපවාහිනිය වටා විශාල ග්රාහක පිරිසක් එ රැස් වී සිටි. එසේම සජීවී දර්ශන තල ද නැරඹීමට හැකියාවක් ලැබෙන නිසා රූපවාහිනිය පුද්ගලයාට සමීප වේ. විශේෂයෙන්ම සමාජ ප්‍රශ්න පිළිබඳ ජනමතයක් ගොඩ නැගීමට රූපවාහිනී නාලිකා ඇපකැප වී ඇත. නිදසුන් ලෙස කිරිපිටි ප්රශ්නය, වර්තමාන corona virus ඒ පිළිබඳ විශාල ජනමතයක් ගොඩ නැගීමට දායක වී ඇත. මේ සදහා අද දෙරණ, හිරු නිව්ස් වැනි නාලිකා ජනමතයක් ගොඩනැගීමට ලා ප්‍රධාන තැනක් උසුලයි. ඒ වගේම දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ පවතින ජනමතය වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු කිරීමට රූපවාහිනියට හැකි වී තිබේ. නිදසුනක් ලෙස ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට රූපවාහිනි වැඩ සටහන් ඔස්සේ හැකියාව ලැබුණි. එනම් දෙරණ නාලිකාව මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව ප්රවෘත්ති පළ කිරීම මගින් ජනතාව තුළ ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට විශාල දායකත්වයක් ලබා දුනි. ඒ සඳහා චතුර අල්විස්, ඩිල්කා සමන්මලී වැනි අයගේ කථිකත්වයද ජනමතයක් ගොඩනැගීමට හේතු වී ඇත. ඒ වගේ ම ITN නාලිකාව මගින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සම්බන්ධව ජනමතයක් ගොඩ නැගීමෙහිලා දායකත්වයද දක්වන ලදී. එසේම දේශපාලන වැඩසටහන් මගින් ද ජනමතයක් නිර්මාණය කිරීමේදී කිරීමේ ලා ප්රබලව බලපා ඇත. නිදසුන් ලෙස රතු ඉර, බලය , සලකුණ, අලුත් පාර්ලිමේන්තුව, talk with chathura ආදිය දේශපාලන වැ සටහන් වෙයි. ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ ප්‍රබල බලවේගයක් ලෙස වෙළෙඳ දැන්වීම් දැක්විය හැකි අතර එය සමාජ තුළ ජනමතයක් නිර්මාණය කිරීමේ ලා වඩාත් වැදගත් වේ. යම්කිසි භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් වෙළඳ දැන්වීමක් නිරන්තරයෙන් රූපවාහිනිය ඔස්සේ ග්රාහකයා වෙත ගෙන ඒම මගින් ඒ පිළිබඳ ජන මතයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස "එල් බී ෆිනෑන්ස් - රන් ණය උකස් සේවා " දැකිය හැකි ය. එසේම "Teleseen" මගින් ව්‍යායාම උපකරණ, ආහාර පිස්න උපකරණ ආදී භාණ්ඩ හඳුන්වාදී එය ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයෙන් ග්රාහකයාට සමීප කරවා ලමින් ඒ සම්බන්ධයෙන් යම්කිසි මතයක් සමාජය තුළ ගොඩ නැගීමට සමත් වේ.
ජනමත නිර්මාණය කිරීම කෙරෙහි බලපාන තවත් මාධ්‍යයක් වශයෙන් ගුව විදුලිය පෙන්වා දිය හැකිය. ශ්‍රව්‍ය මාධ්‍යයක් පමණක් වන මෙය රූපවාහිනිය පැමිණීමට පෙර සිටම ජන මත නිර්මාණය කිරීමෙහිලා මුල්තැන ගෙන තිබේ. සජීවී බව, සමීප කතා බහ, සරල බස් වහර, නිර්මාණශීලී කථන විලාස යනා දී යොදා ගනිමින් එදා සිට අද දක්වා ගුවන් විදුලිය ග්රාහකයාට සමීප මාධ්‍යයක් බවට පත් වී ඇත. ඉලක්කගත කණ්ඩායම් සඳහා ද ජනමතයක් නිර්මාණය කිරීමට බහුලවම භාවිතා කරන්නේ ගුවන් විදුලියයි. නිදසුනක් ලෙස ගොවි පිරිසකට යම් ජනමතයක් ග්රාහක ගත කරනවා නම් ඒ සඳහා යොදාගත යුත්තේ ප්‍රජා ගුවන් විදුලි සේවාවයි. ඒවා නම් මහවැලි ප්‍රජා ගුවන් විදුලිය, කොත්මලේ ප්‍රජා ගුවන් විදුලිය යනාදිය වේ.
අතීතයේ සිට ම ජන මත නිර්මාණය කිරීමේ කිරීමේ ලා පුවත්පතේ දායකත්වය ප්‍රබල තැනක් ගනියි. එඩ්මන් රණසිංහ ප්‍රකාශකර සිටියේ පුවත්පතකට ජන මතයක් ගොඩ නැගීමට හැකියාව පවතින බවයි හැබැයි එය ජනතාවගේ මතය විය යුතු ය. පුවත්පතකට බොරු මතයක් ගොඩනැඟිය ගොඩ නැගිය නොහැකි බවත් එය එසේ කළත් තාවකාලික බවත් ඔහුගේ අදහසයි. රූපවාහිනිය, ගුවන් විදුලිය පැමිණීමටත් පෙර සිට ම ක්‍රියාත්මක වූයේ පුවත්පත්යි. ලංකාවේ ප්‍රථම වරට පුවත්පත ඇරඹුණේ දේශපාලනමය අරමුණු සඳහා නොවේ. එනම් ආගමික කටයුතු ප්‍රචාරය කිරීම සඳහා ය. එහිදී ද සිදුවූයේ තම ආගම හා සංස්කෘතිය රැක ගැනීම අරමුණු කරගෙන ඒ ඒ ආගම් වලට අයත් ජනතාව තුළ ජන මතයක් ගොඩ නැගීමට ය. ක්‍රිස්තියානි මිෂනාරි වරුන්ගේ ආගමික ප්‍රතිපත්ති නිසාවෙන් තම ආගම හා සංස්කෘතිය රැක ගැනීම අරමුණු කොට ගෙන එමගින් ප්‍රබල ජනමතයක් ගොඩ නැගීමට පුව පතේ මෙහෙවර කියා නිම කළ නොහැකි ය. මෙතෙක් බිහි වූ පුව පත් කලාවේ ඩී ආර් විජයවර්ධන, වික්ටර් අයිවන්, බී ඒ සිරිවර්ධන යනාදී චරිතයන් පුවත්පත් මගින් ප්‍රබල දේශපාලනමය වශයෙන් ජන මතයන් ගොඩ නගන ක් ලැබූ පුද්ගලයෝ වෙති. නිදසුන් ලෙස දිනමිණ, රාවය, ඇත්ත, පුවත්පත් දැක්විය හැකි ය. වර්තමානයේ දී දිවයින පුව පත මගින් මනෝඡ් අබේධීර ද රාවය පුව පත ද ජනමතයක් ගොඩ නැගීමේ කාර්යභාරයේ නියුක්තව සිටි.
වර්තමානය වන විට පුව පත, ගුවන්විදුලිය, රූපවාහිනිය යන මාධ්‍යයන් අභිබවා සමාජ මාධ්‍ය ජන මත නිර්මාණය කිරීමේ කරලියට පැමිණ ඇත. සමාජ මාධ්‍ය අතුරින් ජන මත නිර්මාණය කිරීම කෙරෙහි බලපාන ප්‍රධාන මාධ්‍යය වන්නේ ෆේස්බුක් පිටුවයි. එනම් Facebook හරහා බොහෝ දෙනා තම අදහස් ද උදහස් යෝජනා චෝදනා ය ආදී සියල්ල ම මේ හරහා පළ කිරීම මගින් විවිධ මතයන් ගොඩ නගයි. පසුගිය විසි එක් වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Facebook මඟින් විවිධ සාක්ෂි ඔප්පු කරමින් ඒ වටා විශාල ප්‍රජාවක් එකතු කොටගෙන විවිධ මතයන් ගොඩ නගන ලදී. ඒ වගේම 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද ජනතාවගේ අදහස් ආකල්ප වෙනස් කිරීම කෙරෙහි facebook බලපා ඇත. මේ ආකාරයට වත්මන් සමාජයේ ඒ තුළ ජන මාධ්‍යයට වඩා සමාජ මාධ්‍යයට සමාජය තුළ ජන මතයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබී ඇත.
😍 nice one
ReplyDeleteTnq ei 💛
Delete👍 🧡
ReplyDelete😘💕
DeleteGo ahead muthu ❤️
ReplyDeleteMuthu❤️❤️
ReplyDelete😘wel done
ReplyDeleteNice 🖤keep it up
ReplyDeleteBest 😍👍♥️
ReplyDeleteKeep it up ♥️
ReplyDelete🤘👌
ReplyDeleteවටිනවා
ReplyDeleteජනමතය දැන් ජනප්‍රිය මතය වෙලා .ජනප්‍රිය මතය හසුරුවන්න දැත් තියනවා ..
ReplyDelete👍 👍
ReplyDelete👍 👍
ReplyDelete👍 👍
ReplyDelete👌👌
ReplyDeleteගොඩාක් වටිනවා
ReplyDeleteGreat work
ReplyDeleteවටිනවා❤️✌️
ReplyDelete👍👌
ReplyDelete👍👍👍🎉️
ReplyDeleteGreat 💛
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDelete